අනාගත පරම්පරාව උදෙසා තිරසාර ඉදිකිරීම් පරිසරයක් නිර්මාණය කිරීමේ පරමාර්ථය පෙරදැරිව ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද හරිත ඉදිකිරීම් සම්මාන උළෙල පසුගිය ජුනි 30දා කොළඹදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.
මෙවර සම්මාන උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි විය.
ශ්‍රී ලංකාවේ හරිත ඉදිකිරීම් සංකල්පය, ශිල්පීය ක්‍රම සහ ක්‍රියාමාර්ග ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය විසින් ගොඩනැගිලිවල, ඉදිකිරීම් ද්‍රව්‍යවල, කොන්ත්‍රාත් සමාගම්වල සහ වෘත්තිකයන්ගේ හරිත අංග ලක්ෂණ හඳුනා ගනිමින් අන්තර්ජාතිකව පිළිගත් හරිත ලකුණුදීමේ ක්‍රමයක් යටතේ එම ද්‍රව්‍යවල, ආයතනවල සහ පුද්ගලයන් සඳහා 'හරිත මිත්‍රත්වය' සඳහා ලකුණු පිරිනැමීමක්ද සිදුවිය.
ඒ අනුව, මෙවර සම්මාන උළෙලේදී 'හරිත' ලෙස වර්ග කරනු ලැබ ඇති ශ්‍රී ලාංකේය ඉදිකිරීම් සමාගම් කිහිපයකටද, ඔවුන්ගේ නිෂ්පාදන ද්‍රව්‍යවල, ඉදිකිරීම් පිළිවෙත් සහ වෘත්තිකයන්ට ලංකා ඉදිකිරීම් ආයතනයේ හරිත ලකුණ ප්රදානය කිරීමද සිදුවිය.