ත්‍රස්තවාදය මැඬලීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට දෙරට අතර පවතින සම්බන්ධතාව මත සූදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද අමෙරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ජොනතන් හෙනික් මහතා මේ බව ප්‍රකාශ කර තිබුණි.
අමෙරිකානු මධ්‍යස්ථානයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඊයේ ඔහු ප්‍රකාශ කර සිටියේ කලාපයේ පැවති ත්‍රස්තවාදී තර්ජන ඉතා ප්රබලව පැවති බවත්, එම ගැටලුව ඉතා ඉක්මනින් මගහැර යා නොහැකි බවත්ය.
ශ්‍රී ලංකාව සමඟ ගැඹුරු සහ සමීප සබඳතාවක් පවත්වාගෙන යන බව පෙන්වාදුන් ජොනතන් හෙනික් මහතා ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව අමෙරිකාවේ වැදගත්ම පාර්ශ්වකරුවෙකු බව පවසා තිබුණි.
ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් සමඟද වෙරළ ආරක්ෂාව, නිදහස් ගමනාගමනය ඇතුළු කරුණු පිළිබඳ සහයෝගයෙන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර කර තිබුණි.