හම්බන්තොට දිස්ත්‍රික්කයේ තම්මැන්නාව ප්‍රදේශයේ ගොවිබිමක්, වන අලින්ගෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), අඩි 15ක් පමණ උස, නවීන පන්නයේ එල්ලෙන විදුලි වැටක් ලබා දී තිබේ.
අලි නිතර ගැවසෙන මෙම ප්‍රදේශයේ ගම්වාසීන්ට ආරක්ෂාකාරීව, බාධාවකින් තොරව තම කෘෂිකාර්මික කටයුතු සහ අනෙකුත් ජීවනෝපායන් කරගෙන යෑමට මෙම විදුලි වැට රුකුලක් වනු ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ සහයෝගයෙන් විද්‍යාත්මක විග්රහයන්ට අනුව ගොඩ නගන ලද විදුලි වැට ව්‍යාපෘතිය, HIP හි අලි - මිනිස් සාම වැඩසටහනේ එක් අංගයකි.
අධිඅවදානම් මාර්ග අසල අනතුරු ඇඟවීමේ පුවරු 4ක් පිහිටුවීම සහ ප්‍රදේශයේ ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද ඊට ඇතුළත් විය. ව්‍යාපෘතියේ මීළඟ පියවර වන්නේ තල් ගස් වලින් ශක්තිමත් වූ ජෛව වැටක් තැනීමයි. ඒ සඳහා පියවර දැනටමත් ගෙන ඇති අතර, ව්‍යාපෘතිය ප්‍රායෝගික මට්ටමක පවතියි.
කිලෝමීටර 5 1⁄2 ක් දිග විදුලි වැට, තම්මැන්නාව ගම්මානයේ කෘෂිකර්ම කමිටුවට බාර දීමේ උත්සවයට සහභාගී වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පැවසූවේ, වරාය මෙම ව්‍යාපෘතියට දායක වීමට තීරණය කලේ අලි මිනිස් ගැටුම ගම්වාසීන්ට දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇති නිසා බවයි. "ප්‍රාදේශීය ප්‍රජාව මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලුවලට පිළිතුරු සෙවීම සඳහා අපගේ වැඩසටහන් මාලාවේ ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. මෙම පිළියම මගින් තම්මැන්නාව ගම්මානයේ පවුල් 60 කට පමණ ශුභසිද්ධිය සැළසෙනු ඇත.ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව මෙන්ම අස්වැන්න රැක ගැනීමටද මෙම ව්‍යාපෘතිය පිටුවහලක් වන අතර මේ පිළිබඳ ගැමියන් තුළ ඇති සහනදායක හැඟීම දැනටමත් අපට පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම අවට ප්‍රජාවන් සහ පරිසරය සුරැකීම, අපගේ ගෝලීය හවුල්කරු වන CMPort විසින් සම්මත කර ඇති ප්‍රමිතියක්. ඊට සමගාමීව, අපගේ මීළඟ පියවර වන ජෛව වැට සඳහා තල් බීජ රෝපණය කිරීමද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රජාව සුරක්ෂිතව තබා ගැනීම පමණක් නොව ගම්වාසීන්ට පෝෂණය සැළසීමද අපගේ බලාපොරොත්තුවයි."
මේ සියළු වැඩසටහන්, HIP විසින් පසුගිය වසරේ පිහිටුවන ලද 'අලි - මිනිස් සාම අරමුදල' යටතේ ක්‍රියාත්මක වේ. HIP හි ගෝලීය හවුල්කරු වන CMPort සමාගමේ ආයතනික සමාජ සත්කාරක ශාඛාව වන, චයිනා මර්චන්ට්ස් පදනම (China Merchants Foundation) මේ සදහා විශාල ලෙස දායකත්වය ලබා දී ඇත.
නව විදුලි වැට ස්වේච්ඡාවෙන් නඩත්තු කිරීමට තම්මැන්නාව ගම්වාසීන්, කෘෂිකාර්මික සුබසාධන සමිතිය සමග එක් වී ඇති අතර, වනජීවී දෙපාර්තමේන්තුව ඒ සදහා අවශ්‍ය මගපෙන්වීම ලබා දීමට ඉදිරිපත් වී ඇත. ඊට සමගාමීව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සමිතිය අතර ගිවිසුමක්ද අත්සන් කළේය. වරායේ ආධාරයෙන් ඉදිකරන ලද නවීන එල්ලෙන විදුලි වැට, මෙම ප්‍රදේශයේ පෞද්ගලික අනුග්‍රහය යටතේ ඉදිකළ විශාලතම විදුලි වැට වේ.