ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය එළිදැක්වීම සහ 24 වැනි ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීය.
2017/2018 වර්ෂවලට අදාළව ඉහළ ප්‍රමිතිගත සේවාවක් සපයන ලද මධ්‍ය පරිමාණ හා මහ පරිමාණ නිෂ්පාදන හා සේවා වෙනුවෙන් ජයග්‍රාහක ආයතන වෙත සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.
ජාතික තත්ත්ව ප්‍රතිපත්තිය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.
