කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් බලපත්රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණදී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, එම බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා මින් පෙර (එනම් 2021.08.31 දින දක්වා) ලබාදී තිබූ ණය සහන 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට සලකා බලන ලෙස ශ්රී ලංකා මහ බැංකුව විසින් සියලු බලපත්රලාභී වාණිජ බැංකු සහ බලපත්රලාභී විශේෂිත බැංකු වෙත දැනුම් දී තිබේ.
එසේම ශ්රී ලංකා මහ බැංකුව විසින් නිශ්චිතව දක්වන ලස සමස්ත ප්රතිලාභයන්ට වඩා නොඅඩු වන සේ, බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ඔවුන් ඉල්ලා සිටින අතිරේක සහනයන් ලබාදීමට සලකා බලන මෙන්ද බලපත්රලාභී බැංකු වෙතින් මහ බැංකුව වැඩිදුරටත් ඉල්ලා තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.



