ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් විසින් එකඟ වී ඇති මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට අනුව, ඇ.ඩො.බිලියන 2.9 ක පමණ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ මාස 48 ක වැඩපිළිවෙලක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීම සිදුවෙයි.
ශ්‍රී ලංකාවේ නව අරමුදල් අනුග්‍රහය සහිත වැඩසටහනේ අරමුණු වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම සහ දූෂණ අවදානම් විසඳීමට සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමයි.
ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් ණය සහන සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් අතිරේක මූල්‍යකරණය ණය තිරසාර බව සහතික කිරීමට සහ මූල්‍ය පරතරය පියවීමට අවශ්‍ය වේ. එහිදී, IMF ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීමට පෙර, ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගෙන් ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මූල්‍ය සහතික කිරීම් සහ පුද්ගලික ණය හිමියන් සමග සහයෝගී ගිවිසුමකට එළඹීමට සද්භාවයෙන් උත්සාහයක් ගැනීමද ඉතා වැදගත් බව දැනුම් දී ඇත.