2022 ජූලි මාසය තුළ විදේශ රැකියා සඳහා විදෙස් ගතවූ මුළු සංඛ්‍යාව 22,821ක් බවත්, ඒ අතර නුපුහුණු ශ්‍රමිකයන් 8,232ක්, පුහුණු ශ්‍රමිකයන් 7,091ක් සහ ගෘහ සේවය සඳහා පිටත් වූ ශ්‍රමිකයන් 4,479ක් ඇතුළත් වන බව මහ බැංකුව පවසයි.
ඒ අනුව, මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා වූ මාස 7කින් යුතු කාල පරිච්ඡේදය තුළ රැකියා සඳහා විදෙස්ගත වූ මුළු සංඛ්‍යාව 163,522කි. එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ 37,041ක අගය හා සැසදීමේ දී කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර 2021 වසරේ රැකියා සඳහා විදෙස්ගත වී ඇති මුළු සංඛ්‍යාව 117,952ක් පමණි.
මේ අතර, 2022 ජූලි මාසය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් එ.ජ.ඩො.මිලියන 279ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත. එය 2022 ජුනි මාසය තුළ වාර්තා වූ විදෙස් ප්‍රේෂණය වන එ.ජ.ඩො.මිලියන 274ට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කළත්, කැපී පෙනෙන වර්ධනයක් නොවේ.