කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 මැයි මාසයේ පැවති 39.1% සිට 2022 ජුනි මාසයේදී 54.6ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙසේ ඉහළ යෑම සඳහා ආහාර සහ ආහර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම් හේතු වී ඇත.
ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති 57.4 සිට 2022 ජුනි මාසයේදී 80.1%ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 මැයි මාසයේ පැවති 30.6% සිට 2022 ජුනි මාසයේදී 41.4%ක් දක්වා ඉහළ ගොස් තිබේ.