ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් 2019 මැයි මාසයේ පැවති 3.5% සිට 2019 ජුනි මාසයේදී 2.1%ක් දක්වා පහළ ගොස් තිබේ.
මේ අතර, 2019 ජුනි මාසයේදී ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්යමය උද්ධමන අගයන් පිළිවෙළින් -0.4% හි සහ 6.7%හි සිට -2.9% සහ 6.2%ක් දක්වා පහළ ගොස් තිබේ.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස, 2019 ජුනි මාසයේදී 2.0%හි නොවෙනස්ව පැවතී ඇත.