ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තිය ප්රකරාරව තමන් වෙත පැවරී ඇති බලතල අනුගමනය කරමින්, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
මෙම කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මහතා පත්කර ඇත.
එහි සෙසු සාමාජිකයින් ලෙසින්, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්, වී. සිවඥානසෝති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාරචාර්ය මහාචාර්ය එම්.එම්.ඩබ්. ආරියරත්න හේරත්, කැලණිය විශ්වවිදඨාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.එස්. සිවකුමාර්, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍ය සංවජීවනී හපුගොඩ, විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ගයාත්‍රි ගුණරුවන් වෙති.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙම කාර්යසාධක බලකාය වෙත අවධාරණය කර සිටින්නේ, කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ කිසියම් අමාත්‍යාංශයක, රජයේ දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් එබඳු ආයතනයක නිලධාරියෙකු විසින් පෙර කී කාර්යසාධක බලකාය විසින් පවරන ලද රාජකාරි හා වගකීම් ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින සියලු අවස්ථා තමන් හට වාර්තා කරන ලෙසයි.
මේ අතර මෙම කාර්යාසාධක බලකාය සිය නිල නියෝග එක් වසරක කාලයක් තුළ සම්පූර්ණ කර තමා වෙත වාර්තා කළ යුතු බව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.