ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ 2018, මෙවර දෙසැම්බර් මස 19දා පැවැත්වෙන අතර, එහිදී භාෂා ත්‍රිත්වයෙන්ම මාධ්‍ය ක්ෂේත්‍ර හතරක් ඔස්සේ දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මාන 54ක් ප්රදානය කිරීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (06දා) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී එම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.
ඒ අනුව, මෙවර ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන මාධ්‍යවලින්, පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි සහ වෙබ් යන ක්ෂේත්‍ර හතර ඔස්සේ දැක් වූ දක්ෂතා වෙනුවෙන් සම්මාන 54ක් ප්රදානය කෙරෙන අතර, ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් මගින් අදාළ නිර්දේශයන් සිදුකරනු ඇති බවද සඳහන් විණි.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල සඳහා වූ www.pma.gov.lk වෙබ් අඩවිය ජාලගත කිරීමද මෙහිදී සිදුකෙරුණු අතර, සම්මාන උළෙලට අයදුම් කරන ආකාරය ඇතුළු සියලු විස්තර එම වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම, www.media.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි බව සඳහන් කෙරිණි.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්යාංයශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.