ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 22 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල සැප්තැම්බර් 18දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පසුගිය වසරට අදාළ (2017 අප්‍රේල් 01 සිට 2018 මාර්තු 31 කාලයට අදාළව) ජනාධිපති අපනයන සම්මාන උළෙල, 2018 සැප්තැම්බර් මස 18 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.