කොරොනා වෛරස් වසංගතය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කඩිනමින් ක්‍රියාත්මක වෙමින්, ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනට චීනයේ සිටින ශ්‍රී ලාංකේය සිසුන්ට තම නිවෙස් කරා ආපසු යාමට පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ.
එහිදී බීජිං සහ කැන්ටන් සිට ගුවන්ගමන් නියමිත කාලසටහනට අනුව සිදුකරන අතර, නැවත ශ්‍රී ලංකාව බලා යාමට අවශ්‍ය සිසුන්ට ජාතික ගුවන් සේවය වහාම 50%ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන ඇති බව නිවේදනය කරයි.
මීට අමතරව, දැනට චීනයේ සිටින සිසුන් සඳහා විශේෂ ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රීලංකන් ගුවන් සේවය සැලසුම් කරමින් සිටින අතර, මේ සම්බන්ධයෙන් චීනයේ සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් සමග සිවිල් ගුවන් සේවා හා සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමගද සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව වැඩිදුරටත් නිවේදනය කරයි.