ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීමට චීනයේ ප්රමුඛ පෙළෙහි ආයෝජකයන් පිරිසක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
ඊයේ (01දා) එම අමාත්‍යාංශයේදී සරත් අමුණුගම මහතා සමග සාකච්ඡා කළ චීන ආයෝජකයන් පිරිසට අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා රැසක් පවතින බවය. එමෙන්ම, මෙරට තුළ ආයෝජනය කරනු ලබන ආයෝජකයන්ට රජය විසින අවශ්‍ය සියලු පහසුකම් සපයන බවද අමාත්‍ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් පවසා තිබේ.