චීන, ශ්‍රී ලංකා මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා ක්ෂේත්රයේ නියැලෙන ඉදිරිපෙළ කාර්යමණ්ඩලය කොවිඩ්-19 උවදුරින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණින් චීන රජය විසින් වෛද්‍ය ආධාර කට්ටල තොගයක් පසුගියදා ප්රදානය කර තිබේ.
මෙම වෛද්‍ය අධාර කට්ටල තොගය චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත පසුගියදා චීන තානාපති කාර්යාලයේ පැවති උත්සවයකදී ප්රදානය කර ඇත.
ආරක්ෂිත ඇඳුම් සහ සපත්තු 270ක්, භාවිතයෙන් පසු ඉවත් කල හැකි මුඛ ආවරණ 24,000ක්, KN 95 මුඛ ආවරණ 4,800ක්, අත් ආවරණ 120ක්, භාවිතයෙන් පසු ඉවත් කල හැකි අත් ආවරණ 500ක් මෙම මීට අයත් වූ බව කියයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.


