ගෝලීය ව්‍යවසායකත්ව සතියට ( The Global Entrepreneurship Week (GEW),) එක්වන ලෙස නව්‍ය ව්‍යවසායකතව දිරිගන්වන්නන් (startup ecosystem enablers ) සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ආරාධනා කර සිටියි.
2022 නොවැම්බර් 14 සිට නොවැම්බර් 20 දක්වා මෙම සතිය පැවැත්වේ . මෙවර ගෝලීය ව්‍යවසායකත්ව සතියේ ශ්‍රී ලංකා සත්කාරකත්වය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට හිමිව තිබේ. ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) යනු විවිධ අංශවල නව්‍ය ව්‍යවසායකයින් හඳුනාගෙන ඔවුන් සවිබල ගැන්වීමේ අන්තර්ජාතික ක්‍රියාවලියකි. ඊට රටවල් 180කට අධික සංඛ්‍යාවක සාමාජිකයින් ක්‍රියාකාරිව සම්බන්ධවේ.ඒ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ද ඉදිරි වසර තුන තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටියි.