රටක් ලෙස ශ්‍රී ලංකාවේ අප මෙතෙක් මුහුණදුන් විශාලතම අභියෝග අතරින් එකක් ලෙස කොවිඩ්-19 වසංගතය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා රජයේ නිවැරදි මඟපෙන්වීමට අනුව ජාතික සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන අංශ මෙම ව්‍යසනයෙන් අපේ රටට ඇතිවන බලපෑම අවම කරගැනීම සඳහා ක්‍රියා කරයි. මෙම ව්‍යසනය ඇතිවූ මොහොතේ සිටම රටේ සමස්ත පුරවැසියන්ව ආරක්ෂා කරගනිමින් එය මැඬපැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ හා අදාළ බලධාරීන් ඉටුකරන සේවාව අතිමහත්ය.
මෙවන් අසීරු අවස්ථාවක රට අකර්මණ්‍ය නොවී පවත්වා ගැනීම සහ පොදු මහජනතාවගේ සෞඛ්‍යා ආරක්ෂා කරගැනීම අප මුහුණදෙන සුවිසල් අභියෝගක් වේ. එය කොපමණ අභියෝගාත්මක වූවත් ඉදිරියේ එන බාධක කම්කටොළු මැඩගෙන රටක් ලෙස සුරක්ෂිතව ඉදිරියට යෑම සෑම සියලූ දෙනාගෙම වගකීමකි. ඒ සඳහා තමන්ටම අනන්‍ය ආකාරයට දූරදර්ශී ක්‍රියාමාර්ගවලට එළැඹෙමින් රටක් ලෙස ඉදිරියට යාම සඳහා සැවොම බලගැන්වී සිටීම ජාතික අවශ්‍යතාවයකි.
රජයේ පුළුල් කාර්යභාර්යට සහයෝගය දෙමින්
මේ මොහොතේ වසංගතයට එරෙහිව ක්‍රියාකරන සෞඛ්‍ය අංශ සහ නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කරන අංශවලට නිවැරදි සන්නිවේදන පහසුකම් තිබීම ඉතාම වැදගත් වේ. එමෙන්ම නිරෝධන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට, නිවැස්වල ස්වං නිරෝධායනය අනුගමනය කරන පුරවැසියන්ට, දැනට නිවැස්වල සිටිමින් තම වෘත්තීය සේවා පවත්වාගෙන යන සේවකයන්ට සහ සමස්ත පොදු මහ ජනතාවටම නොබිඳෙන සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවකි. මෙසේ ගත්කළ සන්නිවේදන සේවා නිසි පරිද පත්වාගෙන යෑම රටේ ජාතික වගකීමක් වේ. මෙවන් භාරධූර මොහොතක රජයේ සන්නිවේදන අවශ්‍යතාවයද සපුරාලමින් සමස්ත රටේම ජංගම සන්නිවේදන අවශ්‍යතාවය නිසි පරිදි පවත්වා ගැනීමේ ජාතික කර්තව්‍යයට ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල් සමාගම උරදී තිබේ.
නොබිඳෙව සබඳතාවක් සහ පුළුල් ආවරණයක් සහිතව සියලු දෙනාගෙම දෛනික සන්නිවේදන අවශ්‍යතාවය නිසි පරිදි සපුරාදීම සඳහා මොබිටෙල් විසින් පැය විසි හතර පුරා ඇපකැපවී සේවය කරයි. නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විතව මුළු රටටම සිය සන්නිවේදන පහසුකම් ලබාදීමට අමතරව ආයතනයක් ලෙස සිය ජාතික වගකීම ඉටුකරමින් මොබිටෙල් සමාගම නොයෙක් සේවා රැසක් ජනතාවට හඳුන්වාදී තිබේ. මේ ව්‍යසනකාරී මොහොතේදී ජනතාවගේ ජන ජීවිතය යහපත්ව පවත්වාගැනීම සඳහා සියලු පුරවැසියන්ට සෞඛ්‍ය සේවා පහසුකම් සළසාදීම සහ ජංගම දුරකථනය හරහා වෛද්‍ය උපදේශන සේවා ලබාදීම ආදී සේවා රැසක් සිදුකිරීමට මොබිටෙල් කටයුතු කරයි.
”රට මේ මොහොතේ මුහුණ දී තිබෙන අසීරු අභියෝගය පිළිබඳව ජාතික ජංගම දුරකථන ජාලය ලෙස මොබිටෙල්, අපට හොඳ වැටහීමක් තියෙනවා. ඒවගේම මේ වසංගතය මැඩපවත්වා ගැනීමට වෙහෙසෙන රජය ඇතුළු සියලූ අංශවලට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන්න අපි පසුබට වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් අපි අපේ උපරිමයෙන්ම කටයුතු කරනවා. මේ අලූත් තත්ත්වය මත නිර්මාණය වී ඇති අලූත් සන්නිවේදන අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඒවාට නිසි විසඳුම් ලබාදෙන්න අපි දැනටමත් කටයුතු කරනවා. අපි අපේ සේවා, සන්නිවේදන නිපැයුම් සහ සේවා බෙදාහැරීම් ආදි සියලූ අංශයන්ගේ මෙහෙයුම් වර්තමාන තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙනස් කළා. ඒ නිසා අපිට ගුණාත්මක භාවයෙන් ඉහළ සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාවට සමීප කරන්න පුළුවන් වුණා. ඒවගේම මේ ව්‍යසනය මැඩපැවැත්වීම සඳහා රජය ඇතුළු අදාළ අංශයන් අඛණ්ඩ වෙහෙසක් දරණබව අපි හොඳින්ම දන්නවා. තමන්ගේ ජීවිත ගැන පවා නොසිතා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔවුන් කරන ඒ කැපකිරීම අප්‍රමාණයි. දිවා රාත්‍රී වෙහෙස නොබලා සිය කාර්යභාරයේ යෙදෙන ඒ සියලූ දෙනාටම නොබිඳෙන සම්බන්ධතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා ඔවුන්ට නොබිඳෙන සම්බන්ධාවයක් ලබාදෙන්න වගබලා ගත්තා. මේ සියලූ දෙනාගේම කැපවීමත් එක්ක අපිට මේ ව්‍යසනයෙන් අත්මිදිලා ඉක්මනින්ම ඉස්සරට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.” යැයි මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් පෙරේරා මහතා පැවසීය.
ශ්‍රී ලාංකිකයන්ගේ සබඳතා නොකඩවා පවත්වා ගැනීමට අගය එකතුකළ සේවා රැසක් හඳුන්වාදෙයි.
තම ආදරණීයන් හා නිරන්තර සබඳතා පවත්වා ගැනීමට කැමති සියලූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මොබිටෙල් ආයතනය Bonus Data add-ons සහිත විශේෂ පසු ගෙවුම් සැලසුම්, නොමිලේ සෞඛ්‍ය උපදෙස් ලබාදීමේ සේවාවක්, ඩිජිටල් ගෙවීම් විසඳුම් සේවාවක්, පසුගෙවුම් පාරිභෝගිකයන්ට 100%ක අමතර ඩේටා දීමනාවක් ඇතුළු සුවිශේෂී දීමනා රැසක් හඳුන්වාදෙනු ලැබීය. මොබිටෙල් සෙල්ෆ් කෙයාර් ඇප්එක සහ www.mobitel.lk වෙබ් අඩවිය හරහා මෙම සේවා ඉතා පහසුවෙන් සක්‍රිය කරගැනීමේ හැකියාව සැමට හිමිවේ. එමෙන්ම මේ ව්‍යසන අවස්ථාවේ දී මොබිටෙල් ශාඛාවක් වෙත නොගොස් තමන් ඉන්නා තැනක සිට තමන්ට අවශ්‍ය සේවාවක් ලබාගැනීමේ පහසුව ලබාදීමට ඔවුන් කටයුතු කරයි. එසේම රජය විසින් ප්‍රකාශයට පත්කළ නිවසේ සිට වැඩකිරීමේ වැඩසටහන වඩාත් බලාත්මක කිරීමට අවශ්‍ය සන්නිවේදන පහසුකම් ද මොබිටෙල් හඳුන්වා දී තිබේ. එසේම උදාවී තිබෙන සුවිශේෂී අවශ්‍යතාවන් සැළකිල්ලට ගනිමින් සාධාරණ ගාස්තු ඇතුළත් 30ඨඊ සිට 140ඨඊ දක්වා වූ ඬේටා ප්‍රමාණ සහිත ආකර්ෂණීය ඬේටා සැලසුම් රැසක්ද හඳුන්වා දී තිබේ.
දැනුවත්වීමේ වැදගත්කම ජාතික මට්ටමින් ප්‍රවර්ධනය කිරීම
කොවිඩ්-19 පිළිබඳ දැනුවත් කිරීම් සිදුකිරීමට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය, UNICEF සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග එක්ව කොවිඩ්-19 පිළිබඳව නිල පණිවිඩ බෙදාහැරීම සහ වළක්වා ගැනීමේ ක්‍රමවේදයන් ජනතාව අතරට ගෙනයාම මොබිටෙල් ආයතනය විසින් සිදුකරයි. එසේම 1990 සුවසැරිය ජංගම ගිලන් රථ සේවාවේ සහයෝගය ඇතිව රටපුරා හදිසි සේවා කටයුතු ගුණාත්මකව වැඩිදියුණු කිරීමටද මොබිටෙල් සහය වෙයි. සියලූ දෙනාම නිවැස්වලට වී කාලය ගත කරන ලෙස උපදෙස් ලැබී ඇති මෙවන් මොහොතක වෛද්‍යවරයෙකු හමුවීම අතිශය දුෂ්කර කාරණාවක් වේ. කෙසේ වෙතත් සිය පාරිභෝගිකයන්ට තමන්ගේ වෛද්‍යවරයා සමග නොමිලේ ඇමතුමක් ගැනීමේ අවස්ථාව සහ eChannelling ඔස්සේ තමන් කැමති වෛද්‍යවරයෙක් චැනල් කොට ගෙදර සිටම වෛද්‍යවරයාගෙන් අදාළ උපදෙස් ලබාගැනීමේ සේවාවක් ද මොබිටෙල් ක්‍රියාත්මක කර තිබේ.
තවද, ආයතනය විසින් දිවයින පුරා පිහිටි තම ශාඛා ජාලයන් හී කොවිඩ්-19 පිළිබඳව දැනුවත් කිරීමේ පෝස්ටර් සහ ස්ටිකර්ස් අලවමින් ජනතාව අතර තොරතුරු බෙදාහරින මධ්‍යස්ථාන බවට ඒවා පරිවර්තනය කළේය. නිරෝධායන මධ්‍යස්ථානවල ජනතාවට සිය සන්නිවේදන අවශ්‍යතා පවත්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ඔවුන් වෙත අධිවේගවත් උසත්ස සබඳතා නොමිලේ ලබාදීමට මොබිටෙල් ක්‍රියා කළේය. මේ සියලූ දේ මගින් ජාතික ජංගම දුරකථන ජාලය ලෙස ජනතාව සන්නිවේදනයෙන් බලගැන්වීමට මොබිටෙල් ඉදිරියට පැමිණ තිබේ.
නව්‍ය විසඳුම් උත්පාදනයට තාරුණ්‍ය බලගන්වයි
මොබිටෙල් විසින් සිය තාක්ෂණික සහ නවෝත්පාදන අවකාශය තවදුරටත් පුළුල් කරමින් කොවිඩ්-19 තේමාකොටගත් අලූත්ම ideathonවැඩසටහන ආරම්භ කළේය. උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන තුලින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, ක්ෂේත්රයේ විශේෂඥයන් සහ සාමාන්‍ය ජනතාවට කොවිඩ්-19 වෛරසය මැඩපැවැත්වීමට ඇති අදහස්, නවෝත්පාදන, නව්‍ය සංකල්ප ගොඩනැංවීම සහ විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා අන්තර්ජාල අවකාශයක් නිර්මාණය කරදෙයි.