පැල්වත්ත කිරි සමාගම කෝවිඩ්-19 වෛරසය නිසා ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ වුවද, කිරි එකතු කිරීම අඛණ්ඩවම සිදුකරන බවට සහතික වෙයි. ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වසංගතය හමුවේ දේශිය කිරි ගොවියාගේ ආර්ථිකය සවිමත්ව පවත්වාගෙන යාමට උපකාරීවීම සඳහා මෙලෙස අඛණ්ඩව කිරි එකතු කිරීමට පැල්වත්ත සමාගම කටයුතු කරමින් සිටියි.
දේශීය කිරි සමාගමක් ලෙස පවතින තත්ත්වය හමුවේ අඛණ්ඩවම කිරි නිෂ්පාදනය කිරීම පිළිබඳව සිය සමාගමේ ප්රමුඛ අවධානය මේ වනවිට යොමුව ඇති බව සීමාසහිත පැල්වත්ත කිරි සමාගමේ කළමණාකාර අධ්යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා පවසයි. මේ සඳහා අඛණ්ඩවම කිරි එක්රැස් කිරීමේ කටයුතු සිදුකෙරෙන බවත් එම නිසා දේශීය කිරි ගොවියාගේ ජීවනෝපායට මෙම වසංගත රෝගී තත්ත්වය මගින් එල්ලවන බලපෑම අවම වන බවත් හෙතෙම සඳහන් කරයි. නිසි කලට නිසි ආකාරයට කිරි ගොවීන් වෙත ගෙවීම් කටයුතු සිදුකරමින්, පවතින තත්ත්වය හමුවේ කිරි ගොවියා සවිමත්ව තබාගැනීම සඳහා සිය සමාගම උපරිම දායකත්වය දක්වන බව වික්‍රමනායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම කිරි මිලදී ගැනීම්වලදී පවතින සෞඛ්‍යමය අවදානම පිළිබඳව ද පැල්වත්ත කිරි සමාගම සිය දැඩි අවධානය යොමුකර ඇති අතර නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අකුරටම පිළිපදිමින් එම කිරි එක්රැස් කිරීම සිදුකරනු ලබන බවත්, එමෙන්ම කිරි නිෂ්පාදන ක්‍රියාවලියේදී පවා දැඩි සනීපාරක්ෂක විධිවිධාන අනුගමනය කිරීමට පැල්වත්ත සමාගමකටයුතු කරන බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.