ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා ගන්නට අවශ්‍ය සියලු පියවරයන් ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ද වඩාත් ආරක්ෂිත බවත් පසුගිය 18දා අවසන් වූ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organization - ICAO) විසින් පවත්වන ලද ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳජාත්යන්තර විගණනයෙන් තහවුරු විය.
මෙම ජාත්‍යන්තර විගණනයේ ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා පැවති විශේෂ හමුව වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.
අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති ජී. එස්. විතානගේ, උප සභාපති දමිත නාරංගොඩ, සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත යන මහත්වරුන් ඇතුළුගුවන් කර්මාන්තයේ නියුතු පාර්ශවකාර ආයතන නියෝජනය කරමින් ඉහළපෙලේ නිලධාරීන් පිරිසක් ද ජාත්‍යන්තර විගණක පරික්ෂකවරුන් සමග මෙම අවස්ථාවට එක්වූහ.
2023 මැයි මස 08 දින සිට 18 දින තෙක් පැවති මෙම විගණනය සඳහා ICAO විසින් පත්කරන ලද සුදුසුකම්ලත් විදේශිය ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක විගණක පරික්ෂකවරුන් හතර දෙනෙකු එක්වූහ.
එහිදී ඔවුන් විසින් ජාතික ගුවන්සේවා නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මූලික කරගනිමින්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය බුද්ධි ඒකකය, ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම මෙන්ම මෙරට සිට සහ රට තුලට ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබන දේශීය සහ විදේශීය ගුවන් සමාගම් ඇතුළු ගුවන්සේවා ක්ෂේත්රය හා සබැඳි පාර්ශවකාර අංශයන්, ශ්‍රී ලංකාවේගුවන්සේවා ආරක්ෂාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාම වෙනුවෙන් ගෙන ඇති පියවර හා ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ විමසුමක නිරතවිය.
එමෙන්ම මෙවැනි විගණන වලට සාර්ථකව මුහුණ දීම තුලින් ගුවන්සේවා ආරක්ෂාව ඉහළින් පවත්වාගෙන යනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සහ කලාපීය වශයෙන් ඉහළ ස්ථාන වල ශ්‍රේණිගත වීම, විදේශීය ගුවන් සමාගම් මෙරටට සිය ගමන් වාර ක්‍රියාත්මක කරවීමට මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය භාවිතා කිරීමට තවදුරටත් උනන්දු කරවන්නක් වන්නක් ද වෙයි.
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා මෙම විගණනයේ ජාතික සම්බන්ධීකාරක ද ලෙස කටයුතු කල අතරජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ආරක්ෂක විගණන පරික්ෂකවරයෙකු ලෙස වසර ගනනාවක් කටයුතු කරමින් එතුමන් ලත් පරිනත අත්දැකීම් ද මෙම ජයග්‍රහී පියවරට බෙහෙවින් ඉවහල් විය.