ශ්‍රී ලංකාව යළිත් ගුවන් සුරක්ෂිතතාව අතින් දකුණු ආසියාවෙන් පළමු වැනි තැනට පත්ව ඇති බවත්, පසුගිය වාරයට සාපේක්ෂව 1.21% ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය විසින් ලෝක ගුවන් සේවාව නියාමනය වෙනුවෙන් හඳුන්වාදී ඇති 12,000ක් පමණ වන ජාත්‍යන්තර සම්මතයන් සහ නිර්දේශිත ක්‍රියාකාරකම් (International Standards and Recommended Practices – SARPS) සිය සාමාජික රටවල් නිසි පරිදි ක්රියාවේ යොදවන්නේද යන්න කලින් කලට විගණනය කිරීමටද කටයුතු කරයි.
අඛණ්ඩ නිරුපද්රිතතතා ඇගයීම (Continuous Monitoring Assessment – CMA) ලෙස හඳුන්වනු ලබන මෙම ජාත්‍යන්තර විගණනය 2018 ජුනි මස 04 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේ ගුවන්සේවා නියාමන ක්‍රියාවලිය වෙනුවෙන් වෙන්කරන ඇකි අතර, එහිදී ශ්‍රී ලංකා ගුවන්සේවා ක්ෂේත්රයේ සුරක්ෂිතතාව ඉතා උසස් මට්ටමක පවත්වා ගන්නට සමත්ව ඇති බව පසක් කර තිබේ.