පීක්මී (PickMe) සමාගම, ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම (Airport & Aviation Services Lanka Pvt Ltd) සමග ඇති කරගත් නව ගිවිසුමකට අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) තුළ කුලී රථ නැවතුම්පළක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම නව වැඩපිළිවෙළ විදෙස් සංචාරකයන්ට පහසුදායක වනවා සේම, ඔවුන්ගේ ගමන් රටා අධීක්ෂණය කිරීමටද රුකුලක් වනු ඇත. එමෙන්ම එක් පීක්මී වාහනයකින් රු.700ක් බැගින් අමතර ආදායමක් ඉපැයීමේ අවස්ථාවද BIA වෙත ලැබෙනු ඇත.
පීක්මී හි ප්‍රධාන විධායක නිලධාරි සුල්ෆර් ජිෆ්රි මහතා පවසන්නේ, BIA හි පාරිභෝගික අත්දැකීම් වැඩි කර එහි දියුණුව උදෙසා ගුවන් තොටුපළ සමඟ එක්ව කටයුතු කිරීමට තම සමාගම බලාපොරොත්තු වන බවයි.
“අපගේ වාහන ගමනා ගමනය පිළිබඳව බලධාරීන් යාවත්කාලීන කිරීම සඳහා දෛනික වාර්තාවක් BIA වෙත ලබා දෙනවා. එතුළින් අධිකාරියට මෙන්ම, සංචාරක කර්මාන්තයටත් පෞද්ගලික සංචාරකයින්ගේ (FITs) පැමිණීම් සහ අපක්‍රමණය ගණනය කිරීමට හැකි වන අතර ඔවුන් රට තුළ රැඳී සිටින පෙදෙස් සහ ගමන් කරන ආකාරය පිළිබඳව පහසුවෙන් අවබෝධ කර ගැනීමටද ඉවහලක් වනවා. විදේශීය සංචාරකයින්ට ගුවන්තොටුපළේ සිට රටේ ඕනෑම ප්‍රදේශයකට ඉතා සාධාරණ මිලකට ගමන් කිරීමට ඉඩ ලැබෙන අතරම විනිවිදභාවයෙන් යුත් පැහැදිලි ක්‍රියාවලියකට ප්‍රවේශ වීමට හැකි වනවා. රට පුරා සැරිසරමින් වීඩියෝ සහ බ්ලොග් නිර්මාණය කරන සංචාරකයින්, දැනටමත් ලොව පුරා අනෙකුත් ආගන්තුකයින් අතර පීක්මී ප්‍රචලිත කර තිබෙනවා. BIA හි අනෙකුත් කුලී රථ ගාස්තු වලට වඩා අඩකටත් අඩු ගාස්තුවකට පික්මී රථයක ගමන් කළ හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.”
ගුවන් තොටුපළේ සිට සිදු කරන සියලුම චාරිකාවන් සඳහා රෝහල්ගතවීම සහ ජීවිත රක්ෂණ ආවරණයක් පීක්මී වෙතින් ලබා දෙනු ඇත. යෙදුම තුලින් පීක්මී ධාවන ට්‍රැක් කිරීමට ඇති හැකියාව හේතුවෙන් සංචාරකයන්ගේ ආදරණීයයන්ට විදේශයකදී පවා ඔවුන්ගේ ගමන් බිමන් දැකගත හැකි වීම ආරක්ෂිතභාවයට මෙන්ම අස්වැසිල්ලටද කරුණකි.
දැනට පීක්මී වාහන නැවතුම්පළ BIA සංචාරකයන් පිටවීමේ ස්ථානය අසල වර්ග අඩි 100ක ඉඩ ප්‍රමාණයක් තුළ පිහිටා ඇත. පැය විසි හතර තුළම සේවා සපයන පික්මී ඕනෑම අවස්ථාවක එක් රියදුරෙක් හෝ තම වෙන්කර ඇති ස්ථානයේ නතර කොට ඇත. තමන්ටම ආවේණික වූ විශේෂ කුටියක් ගුවන් තොටුපළ තුළ පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම සහ අධිකාරිය සමඟ පීක්මී සාකච්ඡාවේ යෙදී සිටී.
සංචාරකයින් පිලිගැනීමේ පුවරු සේවාවන් දැනට පික්මී ආයතනික වේදිකාව තුල පමණක් පිරිනමන නමුදු ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසන ආකාරයට එම සේවාවන් සියලුම පාරිභොගිකයන් වෙත ඉක්මනින් ව්‍යාප්ත කිරීමට සැලසුම් යොදා ඇත. එමගින් පික්මී යෙදුම භාවිතා කරන ඕනෑම කෙනෙකුට නාමපුවරු රැගෙන යාම, අධිවේගී මාර්ගයේ ගමන් කිරීම වැනි අමතර සේවාවන් බාධාවකින් තොරව තෝරා ගැනීමට හැකිවනු ඇත.