ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්ව වැඩසටහන යටතේ පුහුණුව සම්පූර්ණ කළ කාන්තාවන් 20 දෙනෙකු එක්ව තම නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රදර්ශනයක් මහනුවර ඇමෙරිකන් කෝනර් හිදී ඊයේ (30දා) පවත්වා තිබේ.
'මුදලක් අත නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කෙසේද' යනුවෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහාය ඇතිව පැවැත්වූ සය මාසික පාඨමාලාවට මෙම කාන්තාවන් පිරිස සහභාගි වී තිබුණි.
එහිදී ඔවුන් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන කුසලතා වර්ධනය ලබාදී ඇති අතර, මහනුවර ඇමෙරිකානු කෝනර් හිදී 2016 වසරේ සිටම මෙම පාඨමාලාව පවත්වා ඇති බවද තානාපති කාර්යාලය පවසයි.