ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ශ්‍රී ලංකා ආර්ථිකයට කාන්තා දායකත්වය යනාදී අරමුණු පෙරදැරිව ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ කොටස් හුවමාරුව (CSE) පසුගියදා යළිත් වරක් එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය ඇගයීමකට සහ සවිබල ගැනීමකට මුල පිරීමක් සිදුකර තිබේ.
කොළඹ කොටස් හුවමාරුව සමස්ත කාර්යය මණ්ඩලයෙන් 43%කින් කාන්තා ශ්‍රම බලකායෙන් සමන්විත වන අතර, එය ප්‍රතිශතයක් ලෙස ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය අතරද පෙන්නුම් කෙරේ. පසුගිය වසර 35ක් තුළ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳ පොළෙහි වර්ධනයට එම ආයතනයෙහි කාන්තා ශ්‍රම බලකාය සෑම අංශයකින්ම සක්‍රීයව දායක වී ඇත.
2021 අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව කොළඹ කොටස් හුවමාරුවෙහි මානව සම්පත් අංශය විසින් ආයතනයෙහි කාන්තා සේවිකාවන් ඇගයීමකට ලක්කිරීම, කාන්තා සවිබල ගැන්වීම මත පදනම් වූ අභ්‍යන්තර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙන්ම, පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇතුළු වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබේ. සේවා යෝජකයෙකු ලෙස කොළඹ කොටස් හුවමාරුව සිය මානව සම්පත් මුල් පිරීම් තුළින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම යනාදී කරුණු කෙරෙහි නිරන්තරයෙන් වැඩි අවධානයක් යොමු කරනුයේ සේවකයන්ගේ යහපැවැත්ම යන දිගුකාලීන අරමුණු උදෙසාය.
2021 වර්ෂයෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අරමුණ පෙරදැරිව ලෝක බැංකු සමූහයේ සමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හා අනෙකුත් දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමග එකාබද්ධව කොළඹ කොටස් හුවමාරුව අබණ්ඩව සය වැනි වසරටත් සීනුව නාද කොට ගනුදෙනු ආරම්භ කිරීම උත්සවාකාරයෙන් සමරන ලදී. වාර්ෂිකව ලොවපුරා විවිධ කොටස් හුවමාරුවල පැවැත්වෙන මෙවැනි සීනුව නාද කිරීමේ උත්සව තුළින් ආර්ථික සංවර්ධනය සඳහා කාන්තා සහභාගීත්වය දිරිමත් කිරීම හරහා පෞද්ගලික අංශයෙහි තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනයට ඉවහල් වන්නේ කෙසේද සහ එහි ඇති වැදගත්කම පෙන්නුම් කරන බව කියයි. මෙම උත්සවයෙහි ප්‍රධාන දේශනය මෙහෙයවන ලද්දේ හේමාස් පීඑල්සී සමාගම් සමූහයෙහි ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකාවේ පොදු සමාගම් සමූහයක ප්‍රථම කාන්තා ප්‍රධාන විධායක නිලධාරී තනතුර දැරු කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය විසිනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි මානව සම්පත් අංශ ප්‍රධානී අනෝජා සේනානායක මහත්මිය පවසා සිටියේ, "සේවා යෝජකයන් සහ වගකිව යුතු සමාගම් ලෙස සමාජයේ සහ සේවා ස්ථානවල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වැඩිදියුණු කිරීම සඳහා ඉදිරිපත් වීමට අප සැමවිටම කටයුතු කළ යුතු වෙනවා. කොළඹ කොටස් හුවමාරුව, අපි සැමවිටම මෙහෙයවනු ලැබුවේ එම විශ්වාසයෙන් යුතුවයි. සෑම අංශයකම කාන්තාවන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ආයතනයක වර්ධනයට අත්‍යවශ්‍ය වන අතර, කාන්තාවන්ට ඔවුන්ගේ හැකියාවන් සපුරාලීමට සහ ඔවුන්ගේ නායකත්ව කුසලතා උපයෝගී කර ගැනීමට එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට අප සැමවිටම කැපවී සිටිනවා" යනුවෙනි.