කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති 64.3%හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී 69.8%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ප්රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති 93.7%හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී 94.9%ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවති 50.2%හි සිට 2022 අගෝස්තු මාසයේදී 57.6%ක් දක්වා ඉහළ ගියේය.