කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති 66.0% සිට 2022 නොවැම්බර් මාසයේදී 61.0%ක් දක්වා පහළ ගොස් තිබේ.
වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු වී ඇත.
ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 85.6%හි සිට 2022 නොවැම්බර් මාසයේදී 73.7% දක්වා පහළ ගොස් තිබේ. එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති 56.3% සිට 2022 නොවැම්බර් මාසයේදී 54.5%ක් දක්වා පහළ ගොස් තිබේ.