කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති 57.2% සිට 2023 ජනවාරි මාසයේදී 54.2%ක් දක්වා පහළ ගොස් තිබේ.
2022 සැප්තැම්බර් මාසයෙන් පසු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අඛණ්ඩව පහළ ගිය සිව්වැනි මාසය ලෙස ජනවාරි මාසය සැලකෙයි.
එහිදී, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනයද 2022 දෙසැම්බර් මාසයේ පැවති 64.4% සිට 2023 ජනවාරි මාසයේදී 60.1%ක් දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවති 53.4% සිට 2023 ජනවාරි මාසයේදී 51.0%ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.