කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම්වලින් මිදීම සඳහා ක්‍රියාත්මක ජාතික ප්රයත්නයට සහාය ලබාගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විමසීමෙන් පසුව ශ්‍රී ලංකා රජය විසින් විශේෂ තැන්පතු ගිණුමක් හඳුන්වාදී තිබේ.
විශේෂ තැන්පතු ගිණුමේ වැදගත් ලක්ෂණ
1. සුදුසුකම් ලත් තැනැත්තන්
අ.) ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත නේවාසික ශ්‍රී ලාංකිකයන්
ආ.) ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලාංකේය පුරවැසියන්
ඇ.) ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති වෙනත් රටවල පුරවැසියන්
ඈ.) ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත නේවාසික ශ්‍රී ලාංකේය නොවන තැනැත්තන්
ඉ.) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත/ලියාපදිංචි අරමුදල්, සංස්ථාපිත මණ්ඩල, සංගම්
ඊ.) අනෙකුත් සුබසිද්ධිය පතන පාර්ශ්වයන්
2. අවම තැන්පතුව - අවම තැන්පතු සීමාවක් නොමැත.
3. තැන්පතු වර්ගය - ස්ථාවර තැන්පතු පමණි.
4. අවම කල්පිරීමේ සීමාව - මාස හයකි. (06)
5. විශේෂ තැන්පතු ගිණුමක් විවෘත කළ හැක්කේ,
අ.) ශ්‍රී ලංකාවේ බලයලත් වෙළෙන්ඳෙකු (ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව) සමගිනි.
ආ.) මෙම ගිණුම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝගය බලපවත්නා දින, එනම් 2020.04.08 දින සිට මාස හයක (06) කාලසීමාවක් තුළ බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට, රටින් පිටත සිට ප්‍රේෂණය කරන අරමුදල් මගින් පමණි.
ඇ.) බලයලත් වෙළෙන්ඳෙකු සමග පවත්වාගෙන යනු ලබන ආමුඛ ආයෝජන ගිණුමකට (Inward Investment Account) හෝ අක්වෙරළ බැංකු ඒකක (Offshore Banking Unit) ගිණුමකට බැර වශයෙන් ඉහත සඳහන් කාලසීමාව තුළදී ලැබුණු අරමුදල් ප්‍රේෂණය කිරීම මගින්ද විශේෂ තැන්පතු ගිණුමක් විවෘත කළ හැකිය.
ඈ.) විදේශ ව්‍යවහාර මුදල් හෝ ශ්‍රී ලංකා රුපියල් මගින්ය. මේ සඳහා පිළිගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ඒකක වනුයේ, එක්සත් ජනපද ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම්, ඔස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්වීඩන් ක්‍රෝනර්, ස්විස් ෆ්රෑන්ක්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, ජපන් යෙන්, ඩෙන්මාර්ක් ක්‍රෝනර්, නෝර්විජියානු ක්‍රෝනර්, චීන රෙන්මින්බි සහ නවසීලන්ත ඩොලර්ය.
ඉ.) විශේෂ තැන්පතු ගිණුමක් හවුල් ගිණුමක් ලෙසද විවෘත කළ හැකිය.
6. පොලී අනුපාතය - තැන්පතු කල් පිරීමේදී වඩා ඉහළ පොලියක් හිමිවේ.
අ.) මාස හයක (06) තැන්පතු සඳහා - සාමාන්‍ය පොලී අනුපාතයට වඩා වාර්ෂික ප්‍රතිශතාංක එකක (01) ඉහළ පොලියක්.
ආ.) මාස දොළහක (12) තැන්පතු සඳහා - සාමාන්‍ය පොලී අනුපාතයට වඩා වාර්ෂිකව ප්‍රතිශතාංක දෙකක (02) ඉහළ පොළියක්.
7. අරමුදල් නැවත යැවීම - තැන්පතු කල් පිරීමේදී වෙනත් විදේශ ව්‍යවහාර මුදලකට පරිවර්තනය කිරීම හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට ප්‍රේෂණය කිරීම බාධාවකින් තොරව සිදුකළ හැකිය.
9. නිදහස් කිරීම් - 2017.00.17 දිනැති අංක 2045/56 දරන ගැසට් නිවේදනයෙහි පළකර ඇති විදේශ විනිමය නියෝගවලට අදාළ සියලු ක්‍රියාපටිපාටිමය අවශ්‍යතාවලින් මෙම තැන්පතු ගිණුම නිදහස් වේ.
විශේෂ තැන්පතු ගිණුම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත ආකාරවලින් ලබාගත හැකිය.
අ.) 2020.04.08 දිනැති අංක 2170/4 දරණ රජයේ (අතිවිශේෂ) ගැසට් නිවේදනයේ පළ කර ඇති නියෝගය සහ ඉහත ගිණුම් යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කර ඇති 2020.04.09 දිනැති 2020 අංක 04 දරන විධානවලට, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ (www.dfe.lk) ඩවුන්ලෝඩ් යටතේ ප්‍රවේශවිය හැකිය.
ආ.) අධ්යක්ෂ, විදේශ විනිමය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 වෙතින්,
+94 112 477 244, +94 112 477 255, +94 112 477 433, +94 112 477 375,
විද්‍යුත් තැපෑල - [email protected]
ඇ.) ශ්‍රී ලංකාවේ ඕනෑම බලයලත් වෙළෙන්ඳෙකු වෙතින්.
මෙම දුෂ්කර අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකේය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සහාය දැක්වීම සඳහා මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ටද, ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය පතන අනෙකුත් සියලු පාර්ශ්වයන්ටද, ආරාධනා කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.