ලෝක බැංකුවට අනුබද්ධ සමාගමක් සහ විශාලතම ගෝලීය සංවර්ධන ආයතනය වන IFC, අර්බුදකාරී අවස්ථාවේදී PickMe හි ක්‍රියාශීලී බව සහ ඇඳිරි නීති තත්ත්වය යටතේ එහි ඵලදායි, ආරක්ෂිත සහ විශ්වාසදායක අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවයට ප්‍රශංසා කර තිබේ.
ඇඳිරි නීති අවස්ථාවේදී අපහසුතාවයට පත්වූ අය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමට මූලිකත්වය ගත් ආයතන PickMe ආයතනය සිටින බවත්, ඔවුන් අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් ඔවුන්ගේ රියදුරන්ට අවශ්‍ය අවසරය ලබාගන්නා අතරම, ඉතා දැඩි ලෙස ශාරීරික දුරස්ථභාවය පවත්වා ගනිමින් රියදුරන් සහ පාරිභෝගිකයන් යන සියලු පාර්ශ්වයන්ගේ සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීමට තම රියැදුරන් ඉතා මැනවින් පුහුණු කර ඇති බවද කියයි.
පවත්නා කොවිඩ්-19 අර්බුදය තුළ ප්‍රවාහන සහ ආහාර බෙදාහැරීමේ සමාගමක සිට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් දක්වා එක රැයකින් වෙනස් කිරීමට PickMe සිය තාක්ෂණය සවිබල ගැන්වූ ව්‍යාපාර ආකෘතිය භාවිත කළ බවත්, සමාගමේ සේවාවන් මුලදී රටේ වාණිජ අගනුවර වන කොළඹින් ආරම්භ වූ අතර ඉතා ඉක්මනින් රට පුරා වෙනත් ප්‍රදේශ කරා ව්‍යාප්ත වූ බවත් වැඩිදුරටත් පවසයි.
ඒ අනුව පළමු සතිය තුළ PickMe විසින් රියදුරන් 1,000කට අධික සංඛ්‍යාවක් යොදවා ගෘහස්ත ගෑස් සිලින්ඩරයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ මලූ දක්වා වූ බෙදාහැරීම් 7,000කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත. එමෙන්ම හදිසි ඇමතුම් අංකයක් ඉක්මනින් සකස් කිරීමෙන්, රෝහල් කාර්ය මණ්ඩලවල ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට PickMe වෙත හැකි වූ බව ඔවුහු වැඩිදුරටත් පවසති.