කොවිඩ්-19 මර්දනය කිරීමේ කාර්යයට ඉදිරියෙන්ම හිඳිමින් මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකේය වෘත්තිකයන්ට රු.මිලියන 15ක වටිනාකමකින් යුතු නෙස්ලේ ආහාර සහ පාන වර්ග පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කර තිබේ.
ඒ අනුව නෙස්ලේ නිෂ්පාදන පිළිගැන්වීම් (Servings) මිලියන භාගයක් පමණ සිදුකළ හැකි බව සඳහන් වෙයි. මෙම දුෂ්කර කාර්යයේ නියැලී සිටින සෞඛ්‍ය අංශ වෘත්තිකයන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා සෙසු පුද්ගලයන් අතර බෙදාදීම වෙනුවෙන් මෙම නිෂ්පාදන මෙරට කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත එහි ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා භාරදී තිබේ.
“අඛණ්ඩව සමාජය වෙත අර්ථවත් දායකත්වයක් සහ වෙනසක් ළඟාකර දෙමින්, සමාගමක් වශයෙන් අප සතු ශක්තිමත් සාරධර්මවලට අනුකූලව ක්‍රියා කිරීමට ඇති හොඳම අවස්ථාව මෙයයි. අපව ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන පිරිස් පෝෂණය කිරීමට හැකියාව ලැබීම අපට මහත් ගෞරවයක්” යැයි නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ෆැබ්රිස් කැවලින් මහතා මෙහිදී පවසා ඇත.