'කොවිඩ්-19 ව්‍යසනයට පසු' වකවානුව සඳහා නව ගෝලීය ආර්ථික පදනමක් සහ ව්‍යුහයක් සකස් කොට ගොඩනැගීමට අවශ්‍ය වනු ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
එම ව්‍යසනයෙන් මතුවන අභියෝගවලට සහ ප්‍රශ්නවලට මුහුණදීමට ශක්තියක් ලබාගත හැකි ආර්ථික පදනමක් ශ්‍රී ලංකාවේද, ජාත්‍යන්තරවද ගොඩනැගීමේ අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කරයි.
එම නව අභියෝගවලට මුහුණදීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව දියත් කළ යුතු ඉදිරි වැඩසටහන්, ඒ පිළිබඳව සාකච්ඡාවක් ගොඩනැඟීම සඳහා ඊළඟ සතිය තුළ ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පවසයි.