නව කොරෝනා වෛරසය ගුවන් මගීන් ආශ්රයෙන් ශ්‍රී ලංකාව තුළට ගුවන් තොටුපොළ හරහා ඇතුළුවීම හා පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමග සජීවී සම්බන්ධීකරණයෙන් සහ සිවිල් ගුවන් සේවාවට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් ඒකරාශී කරමින් ඒ වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, වෛරසය ගුවන් මගීන් හරහා පැතිරීම වැළැක්වීම සඳහා යුහුසුළුව කටයුතු කරමින් සිටියි.
ඒ වෙනුවෙන් තවදුරටත් ඵලදායී ලෙස කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව සිවිල් ගුවන්සේවා හා සබැඳි සියලු පාර්ශ්වකරුවන් සමග පසුගියදා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අධිකාරියේදී පත්වන ලද අතර, ඒ සඳහා උප සභාපති අමිති විජේසූරිය, සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එම්.එම්.සී.නිමල්සිරි යන මහත්වරු සමග සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) මසමාගමේ නියෝජිතයන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියෝජිතයන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූ තිබේ.
ඒ අනුව චීනය සහ දැනට කොරෝනා වෛරසය වාර්තා වී ඇති ගමනාන්තවල සිට කොළඹ බලා දේශීය සහ විදේශීය ගුවන් සේවා ඔස්සේ මෙරෙටට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙමින් විමසිලිමත්ව කටයුතු කිරීම, යම් හෙයකින් කෙරෝනා වෛරසය ආසාදිත ගුවන් මගියෙකු ගුවන් තොටුපොළේදී හඳුනාගතහොත් එහිදී ගතයුතු පියවර, ගුවන් මගීන් පිටත් කිරීමට හා රැගෙන යාම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන අමුත්තන්හට මගී පර්යන්ත වෙත ඇතුළුවීම සීමා කිරීම වැනි කරුණු මෙන්ම රාජතාන්ත්‍රික, ව්‍යාපාරික්, අධ්‍යාපනික හෝ සංචාරක වැනි කාරණා වෙනුවෙන් මේ වනවිට චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද දීර්ඝ ලෙස මෙහිදී කරුණු සාකච්ඡා කර ඇත.
ගුවන් තොටුපොළ මෙහෙයුම්කරු ලෙස ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම ගුවන් තොටුපොළ හරහා කොරෝනා වෛරස ආසාදිතයන් මෙරටට ඇතුවළුවීම පාලනය සඳහා කටයුතු කරන අතර, ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා ඔස්සේ මෙරටට පැමිණෙන ගුවන් මගීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද වෛරසය පිළිබඳව වාර්තා වූ අවස්ථාවේ සිටම ආරම්භ කර තිබේ.
සෑම ගුවන් මගියෙකුම නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුමගමනය කිරීමේ වැදගත්කමද මෙම රැස්වීමේදී අවධාරණය කරනලද අතර මුහුණු ආවරණ පැළඳීම, නාසය සහ මුඛය ස්පාර්ශ කිරීමෙන් වැළකී සිටීම, විශජීජ නාශක මගින් තම දෑත් පිරිසිදු කිරීම, ආහාර ගැනීමට පෙර සබන් යොදා දෑත් සේදීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ඔස්සේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරිමට හැකියාව පවතින බවට ගුවන් මගීන් දැනුවත් කරන්නට අවශ්‍ය කටයුතුද සම්පාදනය කර ඇත.
එමෙන්ම මේ මොහොතේ ස්වකීය සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් පවා නොසලකා හරිමින් සේවයේ නිරත ගුවන් තොටුපොළ සේවක සේවිකාවන්ගේ සේවය අගය කරන අතර, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේදී ඉතා ගැඹුරින් අවධානය යොමුකරන ලද බව සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එම්එම්.සී. නිමල්සිරි මහතා පවසයි.
ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන්සේවා පරීක්ෂක වෛද්‍ය බිමල් ඩයස් මහතා ප්රමුඛ සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍ය ඒකකය මෙම ක්‍රියාවලිය නිරතුරුව අධීක්ෂණය කරන බවද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.