ආසියානු ෆැසිපික් කලාපය තුළ වර්තමානයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ගුවන් මගීන්ට සහ ගුවන් කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසන්නේ, මෙම වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අදාළ කාර්ය මණ්ඩලද, ගුවන් යානා තුළ සහ ගුවන් තොටුපලවල් තුළ, විශේෂයෙන් ආසියානු පැසිෆික් කලාපය තුළදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වනවිටත් දැනුවත් කර ඇති බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තත්ත්වය අධීක්ෂණය කරනු ලබන අදාළ ගුවන් සේවා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් හා සම්බන්ධ වී කටයුතු කරනු ලබන බවද වැඩිදුරටත් නිවේදනය කර සිටියි.