කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් දිල්ශාන් වීරසේකර මහතා ඒකමතිකව පත්කර තිබේ.
මීට පෙර සභාපති ධුරය හෙබවූ දුමිත් ප්‍රනාන්දු මහතාගේ වසර 2ක ධුර කාලය අවසන් වීමෙන් පසු ජුනි 24දා දින සිට බලපැවැත්වෙන පරිදි ඩිල්ෂාන් වීරසේකර මහතා, කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා වශයෙන් පත් වී ඇත.
දිල්ශාන් වීරසේකර මහතා මෙරට ප්‍රමුඛතම ආයෝජන බැංකු සේවා සපයන සමාගමක් වන First Capital Holdings PLC හි අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.
එමෙන්ම, වසර 26කට අධික වෘත්තීය පලපුරුද්දක් ඇති වීරසේකර මහතා බැංකුකරණය, භාණ්ඩාගාර සහ ආයෝජන කළමනාකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ උපායමාර්ග සහ ආයතනික මූල්‍ය උපදේශන සේවා ඇතුළු මූල්‍ය සේවාවන්හි විවිධාංගීකරණය වූ විශේෂඥතාවන්ගෙන් සමන්විත පුද්ගලයෙක් ලෙස හැඳින්විය හැකිය.