ප්‍රාථමික සහ ද්විතීයීක වෙළෙඳ පොළ විනිමය ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත වූ විදේශ ආයෝජන, 2018 වසරේ මැයි මාසයේදී ඇ.ඩො.මිලියන 5ක ශුද්ධ ලැබීමක් වාර්තා කර තිබේ.
එමෙන්ම, 2018 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලපරිච්ඡේදය තුළදී ඇ.ඩො.මිලියන 53ක සමුච්චිත ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇත.
2018 වසරේ මැයි මාසයේ මූල්‍ය ලැබීම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එම මාසයේ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳ පොළෙහි දේශීය ආයෝජන ඇ.ඩො.මිලියන 89ක ශුද්ධ ගෙවීමක් වාර්තා වූ බවයි.
2018 වසරේ පළමු මාස පහ තුළදී සමුච්චිත ශුද්ධ ගෙවීම් ඇ.ඩො.මිලියන 102ක් වී තිබේ. එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව මගින් පොලී අනුපාත ඉහළ දැමීඹ හේතුවෙන් විදේශ ආයෝජකයන් විසින් තම ආයෝජන කළඹ වෙනස් කිරීම, ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙතින් වාර්තා වූ ගෙවීම් තුළින් පුළුල් ලෙස පිළිබිඹු කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.