කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි මූලික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණ ක්‍රමවේදයකට පරිවර්තනය කිරිමේ පරිසරයක් තුළ එහි මුලික ක්‍රියාපටිපාටියන් හා යාන්ත්‍රණ ක්‍රමවේදය සාර්ථකව හඳුනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර ඒකාබද්ධ කමිටුවක් පිහිටුවා තිබේ.
මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස මුද්‍රිත ගිණුම් ප්‍රකාශ විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්තනය කිරීමටත්, කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් ලාභාංශ ගෙවීම් සෘජුවම කොටස් හිමියන්ගේ බැංකු ගිණුම් වෙත විද්‍යුත් තැන්පතු හරහා සිදුකිරීමටත් තීරණය කොට ඇත.
දැනට පවත්නා රීති යටතේ කොටස් තැරැව්කාර සමාගම් සහ මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් මුද්‍රිත ප්‍රකාශ ක්‍රමවේදය භාවිත කරන නමුත් ගිණුම් හිමියන් සහ තැරැව්කාර සමාගම්වල සේවාදායකයන් විසින් ගිණුම් ප්‍රකාශන විද්‍යුත් ක්‍රමවේදයක් හරහා ලබන්නට සලස්වන ලෙස විශේෂ ඉල්ලීම් සිදුකර ඇති අවස්ථාවක පමණක් විද්‍යුත් තැපෑලෙන් ගිණුම් ප්‍රකාශ ලබන්නට සලස්වයි.
එලෙසම දැනටමත් පවතින ලැයිස්තුගත රීති යටතේ සංයුක්ත තැටි (CD) ආකාරයෙන් වාර්ෂික වාර්තා නිකුත් කරන අතර බොහෝ සමාගම් වාර්ෂික වාර්තා නිකුත් කිරීම සඳහා මෙම ක්රතමය අනුගමනය කරයි.