මෙරට ප්‍රමුඛතම කෘෂි ව්‍යාපාරික සංගමයක් වන ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය (SLAF), Initiatives in Development of Entrepreneur Approaches and Strategies (IDEAS) සහ TRACE සමඟ එක්ව කෘෂි ව්‍යාපාර ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සූදානම් වේ.
තිරසාර ගොවිතැනේ සහ කෘෂි ව්‍යාපාරයේ අනාගතය පරිවර්තනය කිරීමට, කෘෂිකාර්මික හා නවෝත්පාදන සඳහා දැඩි ආශාවක් ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ අදහස් දියුණු ව්‍යාපාර බවට පත් කිරීමට හෝ ඔවුන්ගේ පවතින කෘෂි ව්‍යාපාර මෙහෙයුම් පරිමාණය උසස් කිරීමට මෙම Agcelerator වැඩසටහන සුවිශේෂී අවස්ථාවක් ලබාදෙයි.
කෘෂි ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාරික අදහස් සඳහා අදහස් වලංගු කිරීම (idea validation) සහ ධාරිතා ගොඩනැගීම සමඟ සහයෝගය දැක්වීම සහ ඔවුන්ගේ අදහස් යථාර්ථයක් බවට පත් කිරීමට, ප්‍රජාවන්ට ප්රත්යක්ෂ බලපෑමක් ඇති කිරීමට හැකි වන පරිදි ආරම්භක අරමුදල් සහාය සමඟ උපදේශකත්වය සැපයීම මෙම වැඩසටහනේ අරමුණයි.
කෘෂිකර්මාන්තයේ අනාගතය හැඩගස්වා ගැනීමට උනන්දුවක් දක්වන පුද්ගලයින්ට Agcelerator වැඩසටහන සඳහා අයදුම් කිරීමට ආරාධනා කෙරේ. අයදුම්පත් දැන් විවෘත කර ඇති අතර www.agripreneur.lk වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කළ හැක. අයදුම් කිරීමේ ක්‍රියාවලියට මූලික අයදුම්පතක් හරහා ඔබේ යෝජිත මුලපිරීම ප්‍රදර්ශනය කිරීම, තිරසාරභාවය සඳහා කැපවීමක් ප්‍රදර්ශනය කිරීම සහ කෘෂිකාර්මික අංශයට ඇති විය හැකි ධනාත්මක බලපෑම ගෙනහැර දැක්වීම ඇතුළත් වේ.
තෝරාගත් අයදුම්කරුවන්ට අවශ්‍ය කුසලතා වලින් සන්නද්ධ කිරීමට පුහුණුවක් ලබාදෙන අතර, පසුව පවත්වනු ලබන business pitching සඳහා ඔවුන් සූදානම් කරනු ලැබේ. මෙම පුහුණුව ලබන අයදුම්කරුවන්ට අවසානයේ Demo Day හිදී අනාගත ආයෝජකයින් ඉදිරිය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන අතර එමඟින් ඔවුන්ට තවදුරටත් සහාය ලබා ගැනීමට හැකි වේ.
තිරසාර හා නව්‍ය කෘෂි ව්‍යාපාර සඳහා වන ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස දූරදර්ශී, චින්තකයින්ට Agcelerator ආරාධනා කරයි. අයදුම්පත් 2023 සැප්තැම්බර් 4දා දක්වා බාරගනු ලැබේ.
Agcelerator පිළිබඳ වැඩි විස්තර සඳහා සහ ඔබගේ අයදුම්පත ඉදිරිපත් කිරීමට කරුණාකර www.agripreneur.lk වෙත පිවිසෙන්න හෝ [email protected] හි අප හා සම්බන්ධ වන්න.