මේ වනවිට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීම සඳහා වූ යෝජනාව ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (22දා) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ක්ෂුද්‍ර මූල්‍යණය කපා හැරීමේ නිල උත්සවයට එක්වෙමිනි. උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම නීති සකස් කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමටද සූදානම් බවයි. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ණය බරෙන් මිරිකී සිටින බවද හෙතෙම සඳහන් කළේය.