පුද්ගලික ව්‍යාපාර උපදේශක සේවා සපයන්නන් සමග කීල්ස් සැපයුම්කරුවන් සම්බන්ධ කිරීමේ ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සහ කීල්ස් ආයතනය හවුල්කාරීත්වයකට එලැඹ තිබේ.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසා සිටියේ, "ඔබේ සිල්ලර වෙළෙඳසැල් සඳහා සැපයුම් කරන කුඩා ව්‍යාපාර මගින් ආර්ථිකය සක්‍රීයව පවත්වා ගැනීමටත්, රැකියා නිර්මාණයටත් මග සලසනවා. කීල්ස් සමග එලැඹුණු මේ සහයෝගීතාව පදනම් වී ඇත්තේ ආහාර පිරිසැකසුම් අංශයේ සේවය කරන කුඩා ව්‍යාපාර ව්‍යවසායකයන්ගේ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් බෙදාගත් දැක්මක් මතයි" යනුවෙනි.
මෙම ගිවිසුම හරහා USAID පෞද්ගලික අංශ සංවර්ධන (PSD) ව්‍යාපෘතියත්, කීල්ස් සිල්ලර දාමයේ මෙහෙයුම්කරුවන් වන Jaykay Marketing Services පෞද්ගලික සමාගමත් අතර හවුල්කාරීත්වය ශක්තිමත් කර තිබේ. USAID හි PSD ව්‍යාපෘතිය මෙම හවුල්කාරීත්වය හරහා ඩිජිටල් අලෙවිකරණය, ගෝලීය සහතිකකරණය සහ මූල්‍ය ඇතුළු විවිධාකාර සේවා වෙත ප්‍රවේශය ලබාදෙමින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කරනු ඇති අතර, ඔවුන්ගේ තරගකාරීත්වය වර්ධනය කරනු පිණිස කීල්ස් මෙම ව්‍යවසායන් නව වෙළෙඳපාළවල් සමග සම්බන්ධ කරනු ඇති බවද සඳහන් කෙරෙයි.