කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මුල් කරගනිමින් කාමර 100කින් සමන්විත අංගසම්පූර්ණ හෝටලයක් ඉදිකිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
විශේෂයෙන්ම ගුවන් මගීන් සඳහා අතරමැදි සුඛෝපභෝගී හොටලයක් ලෙසද භාවිත කළ හැකි මෙම හෝටලය ඉදිකිරීම සඳහා කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල හෝටල් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 18.2ක මුදලක් ආයෝජනය කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සංජය මොහොට්ටාල මහතා සහ කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල හෝටල් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති රුවන් පෙරේරා යන මහත්වරුන් අදාල ගිවිසුම් අත්සන් කළහ.