කොරෝනා වෛරසය වැලඳුණු රෝගියෙකු ශ්‍රී ලංකාවේ සිටින බව තහවුරු කරගැනීමත් සමග මෙරට තුළ සෞඛ්යාරක්ෂිත පියවර දැඩි කරමින් අද (28දා) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වන පුද්ගලයන්ට සීමාවන් පනවා තිබේ.
ඒ අනුව ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ ඥාතීන්ට හෝ හිතවතුන්ට ගුවන් තොටුපොළ වෙත ඇතුළු වීමට අවසර ලබානොදීමට තීරණය කර තිබේ.
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි මහතා සඳහන් කර තිබුණේ, චීනයේ සිට පැමිණෙන ගුවන් යානා වෙනමම ගුවන් පර්යන්තයකට ගොඩබෑමටද සැලසුම් කර ඇති බවයි.