ඕමාන් ගුවන් සේවයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් පත්වූ නව කලාප අලෙවි කළමනාකාරිණී නජ්මා අල්නාමනි මහත්මිය, සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේදී හමුවිය.
කොවිඩ්-19 තත්වය හමුවේ එහි ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩපිලිවෙලට අනුගත වෙමින් ඕමානය සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කළ හැකි ආකාරය සහ ඉහළ යන ගුවන් මගී ප්‍රවාහන ඉල්ලුමට සාපේක්ෂව තවදුරටත් දෙරට අතර ගුවන් ගමන් වාර ඉහළ දැමීමේ හැකියාව වැනි කරුණුපිළිබඳව මෙම හමුවේදී ඉහළ අවදානයක් යොමුකර ඇත.