හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත පසුගිය නොවැම්බර් මස 29 වැනි දින පැමිණි ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා ඇතුළු පිරිස වරායේ ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් කටයුතු අධ්‍යයනයක යෙදුනි.
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් (දේශපාලන) ෂැනන් මර්නි, පර්යේෂණ සහ තොරතුරු නිලධාරී ට්රිවන් ආන්නක්කාරගේ සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනී කත්යා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් දූත පිරිසේ සාමාජිකයන් වූ අතර, මහ කොමසාරිස්වරයාගේ භාර්යාව ක්‍රිස්ටිනා ස්ටෙෆන්ස්ද මෙම අවස්ථාවට එක්විය.
මහ කොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස, HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා විසින් වරායේ Sky Lounge හිදී පිළිගනු ලැබිනි. මෙහිදී ඔවුන්, HIP හි සමස්ත ප්‍රගතිය, දැනට ක්‍රියාත්මකව ඇති සහ ඉදිරි ව්‍යාපෘති, වරාය
උත්පාදනය සහ අනාගත ව්‍යාපාර සැලසුම් පිළිබඳව සාකච්ඡා කළහ.
ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ සංචාරයක නිරත වූ මහ කොමසාරිස්වරයා, HIP හි ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳ මෙන්ම වරායේ අකලිත වටිනාකම කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය.
සාකච්ඡාවෙන් අනතුරුව වරායේ නිරීක්ෂණ චාරිකාවකටද ඔවුන් සහභාගී විය.