ශ්රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2021 ඔක්තෝබර් මාසයේදී එහි ශක්තිමත් කාර්ය සාධනය නව ඉහළ මට්ටමකට පැමිණ ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරනලද දත්තවලට අනුව 2020 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2021 ඔක්තෝබර් මාසයේදී ශ්රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන 35.9%කින්, ඇ.ඩො.මිලියන 1,160.62ක් දක්වා වැඩි විය. එසේම අපනයන මේ වසරේදී පස් වැනි වරටත් බිලියනයකට වඩා ඉහළින් පැවතී ඇත.
අපනයන සංවර්ධන මණ්ඩලයෙහි සභාපති සුරේෂ් ඩී. ද මෙල් මහතා පැවසුවේ, "මෙය අපගේ ඉතිහාසයේ ඕනෑම ඔක්තෝබර් මාසයකදී වාර්තා වූ ඉහළම වෙළඳ භාණ්ඩ අපනයන අගයයි. බටහිර වෙළෙඳපොළ විවෘත කිරීමත් සමග ශ්රී ලංකාවේ තිරසාර නිෂ්පාදනයත් සමග මේ වැඩිවීමට හේතු විය හැකියි. මේ දුෂ්කර කාලවලදී අපගේ අපනයනකරුවන් මේ කැපී පෙනෙන කාර්ය සාධනය ළඟාකර ගැනීම අප අගය කළ යුතුයි." යනුවෙනි.