විදේශ කටයුතු අමාත්‍යංශය මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ඒකාබද්ධ කොන්සියුලර් ජංගම සේවය ඊයේ (12දා) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වා තිබේ.
විදේශ කටයුතු රැකියා අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දොපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම කොන්සියුලර් ජංගම සේවාව පවත්වයි.
විදේශගතව පිළිසරණක් නොමැතිව සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම, රඳවාගෙන සිටින ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබාදීම සහ ඔවුන්ගේ වන්දි ගැටළු යනාදිය නිරාකරණය කිරීමට කටයුතු යෙදීමත්, විදේශවල සිදුවූ උප්පැන්න සහ මරණ සහතික ලබාදීම, විදේශ රටවලින් පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීමට සහාය වීම සහ විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල සිදු කරන සේවා පිළිබද තොරතුරු ලබාදීමටද මෙහිදී පහසුකම් සලසා තිබේ.
මෙම ජංගම සේවය මීට පෙර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පැවති අතර, මීළඟ අදියර මාතලේ දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් මොහොමඩ් ජවුවර් යන මහත්වරුන් සහභාගී වී තිබේ.