ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේදී අද (20දා) සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ.
මහ බැංකුවේ විධායක නිලධාරියකු වන ආටිගල මහතා මහ බැංකුවෙන් නිදහස් වී වසර දහයකට අධික කාලයක් පුරා මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, කෙටි කලක් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද කටයුතු කළේය.
එක්සත් රාජධානියේ වෝවික් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාත්මක සංවර්ධන ආර්ථිකය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්ද වෙයි.
මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය ව්‍යාපාර යන දෙපාර්තමේන්තුවල අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇති ආටිගල මහතා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය සඳහා දායකත්වය දැක්වූ නිලධාරියෙකි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩබලන අධ්යක්ෂ සහ සභාපති යන තනතුරු හොබවා ඇති ඔහු, මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක අධ්යක්ෂ මණ්ඩල නියෝජනය කළ අයෙකි.