2011 සිට 2015 ජුනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මේ වනවිට එක්සත් රාජධානිය ප්‍රකාශයට පත් කර ඇති තීන්දුව පිළිබඳව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම දැනුවත් වී තිබේ.
එබැවින්, කිසියම් විමර්ශනයක් හෝ නඩු පැවරීමක දී ඕනෑම රජයේ ආයතනයක් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී තිබේ.
අනාගතයේදී සියලු නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් පවතින සියලු අභ්‍යන්තර ලියකියවිලි සංරක්ෂණය කර අධ්‍යයනය කරන ලෙසද ඒ මහතා කළමනාකාරිත්වයට උපදෙස් ලබාදී ඇත.