එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහනට අදාළ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබාදීම සඳහා ඇමැතුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියේය.
මන්නාරම මහජන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අද (20දා) මෙම අදහස් පළ කළේය.
තමන්ට ඇති ගැටලු ඍජු ඇමතුම් අංකයක් අමතා විසඳා ගැනීමට මෙමගින් ව්‍යවසායකත්වය වෙත පිවිසීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට හිමි වනු ඇති බවද අමාත්‍යවරයා පවස සිටියේය.
මෙම වසර අවසාන වන විට ව්‍යවසායකන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙයි.