නව ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා ක්‍රියාත්මක එන්ටර්ප්රියිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය දිවයින පුරා පැවැත්වීම සිය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ව්‍යවසායකත්ව අපේක්ෂාවන් දිරි ගන්වමින් නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම සාර්ථව සිදුවෙමින් පවතින බව අගමැතිවරයා කියා සිටියේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම ප්‍රදර්ශන මාලාවේ දෙවැනි අදියර සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
මෙම ප්‍රදර්ශනය හෙට (27දා) දක්වා සෑම දිනකම පෙරවරු 9.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වේ.