එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ දෙවැන්න අද (24දා) පස්වරු 5.00ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියේ දී ආරම්භ වෙයි
‘උරුමය - සමගියයි‘ යන්න මෙවර ප්‍රදර්ශනයේ තේමාවන වන අතර, මුදල් අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශනය පෙරවරු 9.30ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සංඛේතාත්මක මහජනතාව සඳහා විවෘත කෙරෙනු ඇත.
රජරටින් නව ව්‍යවසායකයන් 20,000ක් බිහි කිරීම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වේ. එබැවින් ව්‍යවසායකත්ව අපේක්ෂාවන් සහිත ප්‍රදේශයේ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා පහසුවෙන් ලබාගත හැකි පරිදි මෙම ප්‍රදර්ශනය ව්‍යවසායකත්ව කලාපය, රාජ්‍ය හා පෞද්ගලික අංශ කලාපය, අධ්‍යාපන කලාපය, හරිත කලාපය, නව නිපැයුම් කලාපය, වාණිජ කලාපය සහ මාධ්‍ය කලාපය ලෙස කලාප හතකට වෙන් කර ඇත.