එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලාංකිකයන් සතු ව්‍යවසායක නිපුණතාව ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායක පාරාදීසයක් ලෙස මෙරට යළි ගොඩනැගීම සඳහා 2018 අයවැය තුළින් රජය මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි.
ඒ අනුව සංකේතවත්ව ණය පහසුකම් ප්රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.